කථානායක කරු ජයසූරිය මහතා ජිනීවාහි දී අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 138 වැනි මහා සමුළුව අමතයි |
දිනය : | 2018-03-27 |
2018 මාර්තු මස 24 සිට 28 දක්වා ජිනීවාහි දී පැවැත්වුණු අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 138 වැනි සමුළුවට ඉහළ පෙළේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් මෙහෙයවමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතා එහි ප්‍රධාන රැස්වීම ඇමතීය.
මෙම සමුළුවේ දී, ලොව වටා පාර්ලිමේන්තුවල කථානායකවරු 65 ක් සහ කාන්තා මන්ත්‍රීවරියන් 216 ක් ඇතුළුව මන්ත්‍රීන් 740ක්, ඔවුන් නියෝජනය කරන බිලියන 6.5 ක් ජනතාවගේ අභිමතය නව සංක්‍රමණික තන්ත්රය පිළිබඳ ගෝලීය කතිකාවතේ කොටසක් බව තහවුරු කරනු ඇත. එක්සත් ජාතීන් විසින් මෙම වසර අගදී සම්මත කිරීමට නියමිත එකිනෙකට සම්බන්ධිත ගෝලීය ගිවිසුම් ද්විත්වයේ ස්වදේශීය බලාත්මක කිරීම සහතික කිරීමෙහි ලා ස්වකීය දායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් සවිස්තරාත්මකව විමසා බැලීමට නියමිතය.
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම., පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය, පා.ම., ගරු ඊ. සරවනපවන් මහතා, පා.ම., ගරු කංචන විජේසේකර මහතා, පා.ම. සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අයත් වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









