පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ බෙදාදීමේ උත්සවය |
දිනය : | 2017-12-15 |
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජික මහත්ම මහත්මීන්ගේ දූ දරුවනට ශිෂ්‍යත්ව සහ පාසල් පොත්පත්, උපකරණ බෙදාදීමේ උත්සවයක් පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ අනුග්‍රහයෙන් හා සහභාගීත්වයෙන් අද දින (දෙසැම්බර් 15) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙය සංවිධානය කරන ලද්දේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සුබසාධන හා විශේෂ ව්‍යාපෘති කමිටුව විසිනි.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ දරුවන්ට පාසල් උපකරණ, පොත්පත්, පාසල් බෑග්, පාවහන් ආදිය පිරිනමන ලද අතර, ජාතික මට්ටමේ විභාගවල දී උසස් දක්ෂතා දැක්වූ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපනික හා බාහිර ක්‍රියාකාරකම් කටයුතු දිරිමත් කිරීමේ අභිප්‍රායෙන් ඔවුනට ශිෂ්‍යත්ව ප්රදානය කරන ලදී. ක්‍රීඩාවලින් ජාතික හා ජාත්‍යන්තර තලයේ කැපී පෙනෙන දස්කම් දැක්වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් ද උත්සවයේ දී ඇගයුමට ලක් කෙරුණි.
නියෝජ්‍ය කථානායක ගරු තිලංග සුමතිපාල, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ද, පාර්ලිමේන්තුවේ මහලේකම්, නියෝජ්‍ය මහලේකම්, සහකාර මහලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් හා ඔවුන්ගේ දරුවන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම













