රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කළමනාකරණ තොරතුරු පද්ධතිය (e-PAC) තුළින් 2015 මුදල් වර්ෂය සඳහා කරන ලද කාර්යසාධන ඇගයීම - හොඳම කාර්යසාධනයක් පෙන්වූ ආයතන ඇගයීම සහ ජාතික සම්මාන ප්රදානෝත්සවය |
දිනය : | 2017-11-13 |
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අධීක්ෂණයට ලක් වන දිවයින පුරා පිහිටි 831 ක් වන සියලු රාජ්‍ය ආයතන පරිගණක ජාලගත ඇගයීම් වැඩසටහනක් කාරක සභාවේ සභාපති ගරු ලසන්ත අලගියවන්න මහතාගේ මගපෙන්වීම අනුව ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම පද්ධතිය හරහා 2015 මුදල් වර්ෂයට අදාළව රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු, පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන ඇතුළු සියලු ආයතනවලින් ලබාගත් දත්ත ඇගයීමෙන් පසු ඉහළ කාර්යසාධනයක් පෙන්වීමට සමත් වූ ආයතන 81 කට සම්මාන පිරිනැමීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව කටයුතු සූදානම් කරනු ලැබීය.
ඒ අනුව, 2015 මුදල් වර්ෂයේ දී ඉහළ කාර්යසාධනයක් පෙන්වූ ආයතන ඇගයීම සඳහා 2017 නොවැම්බර් මස 13 වන දින හෙවත් අද දින මධ්‍යාහ්න 12.00 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී සම්මාන ප්‍රදානෝත්සවයක් පැවැත්වුණි. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන ආරාධිතයා වශයෙන්ද, ගරු අග්‍රාමාත්‍යතුමා සහ ගරු කථානායකතුමා ගෞරවනීය ආරාධිතයන් ලෙසද සහභාගී වූහ. ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය ආයතනවල සහ පාර්ලිමේන්තුවේ නිලධාරීන් සහ වෙනත් ආරාධිතයින් ද මීට සහභාගී විය.
මෙම පද්ධතිය ස්ථාපනය කිරීමෙහි ලා පාර්ලිමේන්තුවෙහි තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් විශිෂ්ට සේවය වෙනුවෙන් එහි අධ්යක්ෂ වෙත අතිගරු ජනාධිපතිතුමා අතින් විශේෂ සම්මානයක් පිරිනැමිණි.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම
















