“ඉ-චේම්බර්” ව්‍යෘපෘතිය දියත් වේ |
දිනය : | 2017-08-22 |
“ඉ-චේම්බර්” (e-Chamber) හෙවත් සභා ගර්භ කළමනාකරණ තොරතුරු පද්ධතිය අද දින ආරම්භ කරන ලදී. ගරු කථානායකතුමා අද දින සභාවේ කටයුතු ආරම්භ කරන අවස්ථාවේ දී මේ බව නිවේදනය කළේය.
මෙම ව්‍යාපෘතිය යටතේ සෑම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේම මේසය මතට ලැප්ටොප් පරිගණකයක් ලබාදී ඇත. ගරු මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ, විශේෂයෙන්ම සභා ගර්භය තුළදී සිදුකරන කටයුතු තවදුරටත් කාර්යක්ෂමව හා ඵලදායී අයුරින් සිදුකිරීමට සහාය වීම මෙහි අරමුණ වේ. මෙම පරිගණක “කියොස්ක්” (KIOSK) ආකාරයෙන් ස්ථාපනය කර ඇති අතර, මෙමඟින් ගරු මන්ත්‍රීවරුන්ගේ කටයුතු කාර්යක්ෂමව කරගැනීමට ඇවැසි තොරතුරු මෙන්ම අන්තර්ජාල හා විද්‍යුත් තැපැල් සේවාවන් ලබාගැනීමේ පහසුකම් ද සැපයෙන අතර මෙතෙක් සභාගර්භය තුළ ස්ථාපිතව පැවැති වයි-ෆයි (Wi-Fi) මාධ්‍යයෙන් මෙම පරිගණක ජාලගත කර ඇත.
මෙම ව්‍යාපෘතියේ ලැප්ටොප් පරිගණක විදේශ ආධාරයක් වන අතර, අවශ්‍ය මෘදුකාංග පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව මඟින් සකස් කර ඇත.
මෙම පද්ධතිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්හට ව්‍යවස්ථාදායක තොරතුරු (පනත් කෙටුම්පත්, පෙත්සම්, ප්‍රශ්න යනාදිය), පෞද්ගලික තොරතුරු (වැටුප් විස්තර, පැමිණීමේ විස්තර ආදිය), දිනට නියමිත කටයුතු වලට අදාළ තොරතුරු (න්‍යාය පත්‍රය, දිනට නියමිත වැඩ පිළිවෙළ, කාරක සභා රැස්වීම් වැඩසටහන යනාදිය) සහ පසුගිය තොරතුරු (හැන්සාඩ් වාර්තා, කාරක සභා වාර්තා ආදිය) ආදී සේවාවන් ලබාගත හැකිය.
මෙමඟින් සැපයෙන පහසුකම් තුළින් මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු තවදුරටත් පහසුවෙන් හා ඵලදායී අයුරින් සිදුකර ගැනීමට ඉවහල්වනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසූ ගරු කථානායකතුමා, බොහෝ කාලයක් මෙම සේවාවන් හොඳින් පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පූර්ණ සහාය ලබාදෙන මෙන් ද ඉල්ලීමක් කළේය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








