පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පැවැත්වූ දෙවැනි ශක්‍යතා වර්ධන වැඩසටහන |
දිනය : | 2017-07-18 |
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකානු නියෝජිතායතනයේ (USAID) ප්‍රජාතාන්ත්‍රික පාලනය ශක්තිමත් කිරීමේ හා වගවීමේ ව්‍යාපෘතිය (SDGAP) සමග ඒකාබද්ධව පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පැවැත්වූ දෙවැනි ශක්‍යතා වර්ධන වැඩසටහන 2017 ජූලි මස 14 සහ 15 යන දෙදින අවානි කළුතර හෝටලයේ දී සාර්ථකව පැවැත්වුණි. මෙම වැඩමුළුවට නොයෙක් රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් 43 දෙනෙකු සහභාගී විය.
කථානායක ගරු කරු ජයසූරිය මහතා, නියෝජ්‍ය කථානායක හා කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා, කාර්ය මණ්ඩල ප්‍රධානී හා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා, පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය, පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා, USAID ආයතනයේ පාලනය හා අනතුරට ලක්විය හැකි ජනතාව පිළිබඳ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂිකා ඇලේනා ටෙන්සි මිය ඇතුළුව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ නිලධාරී මඩුල්ලක් ද වැඩමුළුවට සහභාගී වූහ.
පළමු ශක්‍යතා වර්ධන වැඩසටහනේ දී මෙන් මෙහිදී ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මෙහෙයුම් මූලධර්ම, පාර්ලිමේන්තුවේ ජනමාධ්‍යවේදීන් සඳහා සැපයෙන සේවා සහ පාර්ලිමේන්තු වාර්තාකරණයට අදාළව පුළුල් විෂය ක්ෂේත්රයක් සාකච්ඡාවට බඳුන් කරන ලදී.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










