ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ පිළිබඳ සම්මන්ත්රණය |
දිනය : | 2017-07-03 |
ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ පිළිබඳ සම්මන්ත්රණයක් අග්රාමාත්ය සහ ආණ්ඩුක්රම ව්යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ සභාපති, ගරු රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් 2017 ජුනි මස 28 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි.
මෙම සම්මන්ත්රණය දිවයින පුරා සිටින උපදේශකත්ව නායකයින්, මුල් පෙලේ රජයේ නිලධාරීන්, සිවිල් සමාජ ක්රියාකාරීන් සහ පාර්ශ්වකරුවන් එක් තැනකට ගෙන ඒම සඳහාත්, ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණවල ස්වභාවය, විකාශය හා ඉදිරි ගමන සම්බන්ධව දැනුවත් කිරීමෙහි නියැලීම සඳහාත් වූ උත්සාහයකි.
ආණ්ඩුක්රම ව්යවස්ථා මණ්ඩලයේ නියෝජ්ය සභාපති ගරු තිලංග සුමතිපාල මහතාගේ පිළිගැනීමේ දේශනයෙන් අනතුරුව, අග්රාමාත්ය සහ ආණ්ඩුක්රම ව්යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ සභාපති, ගරු රනිල් වික්රමසිංහ මහතා විසින් ද, දකුණු අප්රිකාවේ හිටපු නියෝජ්ය අගවිනිසුරු අද්වකාත් ඩිගන්ග් මොසෙනෙකෙ මහතා විසින් ද කතා පවත්වන ලදී.
ගරුතර මහා සංඝරත්නය, හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, ගරු අමාත්යවරුන්, නියෝජ්ය අමාත්යවරුන් සහ පාර්ලිමේන්තුවේ හා ආණ්ඩුක්රම ව්යවස්ථා මණ්ඩලයේ මන්ත්රීවරුන්, පළාත් සභාවල ගරු ආණ්ඩුකාරවරුන්, ප්රධාන අමාත්යවරුන් සහ විපක්ෂ නායකවරුන් මේ අවස්ථාවට පැමිණ සිටියහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්රම ව්යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










