පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පැවැත්වූ ශක්‍යතා වර්ධන වැඩසටහන |
දිනය : | 2017-06-29 |
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකානු නියෝජිතායතනයේ (USAID) ප්‍රජාතාන්ත්‍රික පාලනය ශක්තිමත් කිරීමේ හා වගවීමේ ව්‍යාපෘතිය (SDGAP) සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ අනුග්‍රහයෙන් පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් 2017 ජුනි මස 16 සහ 17 යන දිනවල මීගමුව හෙරිටන්ස් හෝටලයේ දී ශක්‍යතා වර්ධන වැඩසටහනක් පවත්වන ලදී. මෙම වැඩමුළුවට නොයෙක් රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් 41 දෙනෙක් සහභාගී විය.
වැඩසටහනේ මුලසුන මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා විසින් හොබවන ලද අතර, කාර්ය මණ්ඩල ප්‍රධානී හා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා, පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා, USAID ශ්‍රී ලංකා ආයතනයේ පාලනය හා අනතුරට ලක්විය හැකි ජනතාව පිළිබඳ කාර්යාලයේ අධ්යක්ෂ ඩැනියෙල් රීෆ් මිය ඇතුළුව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ නිලධාරී මඩුල්ලක් ඊට සහභාගී වූහ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මෙහෙයුම් මූලධර්ම, පාර්ලිමේන්තුවේ ජනමාධ්‍යවේදීන් සඳහා සැපයෙන සේවා සහ පාර්ලිමේන්තු වාර්තාකරණය යන විෂය පථයන් ආවරණය වන සැසි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් මෙහෙයවන ලදී. සහභාගී වූ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වෘත්තිකයන්ගේ අවශ්‍යතා සහ නිර්දේශ ලබාගනු වස් වැඩසටහන අවසානයේ දී සංවාද සැසියක් පවත්වන ලදී. පාර්ලිමේන්තුවේ මාධ්‍ය මධ්‍යස්ථානය ශක්තිමත් කිරීමට සහ පාර්ලිමේන්තු කාරක සභා කටයුතු පොදු මහජනතාවට විවෘත කිරීමට ගරු කථානායකතුමා විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග මෙහිදී ඔවුන්ගේ පැසසුමට ලක්විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










