E-PAC ක්‍රියාවලියේ වත්මන් තත්වය හා ඉදිරි සැලසුම් තක්සේරු කිරීමේ වැඩමුළුව |
දිනය : | 2017-06-28 |
ප්රජාතන්ත්රවාදය සඳහා වූ වෙස්ට්මින්ස්ටර් පදනම (Westminster Foundation for Democracy) සමඟ ඒකාබද්ධව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙහෙයවන ලද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභික මන්ත්‍රීන් වෙනුවෙන් පැවැත්වූ දැනුවත් කිරීමේ වැඩසටහන සහ E-PAC (ඉලෙක්ට්‍රොනික රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව) ක්‍රියාවලියේ වත්මන් තත්වය හා ඉදිරි සැලසුම් තක්සේරු කිරීමේ වැඩමුළුව පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමාගේ සහභාගීත්වයෙන් 2017 ජුනි මස 23 සහ 24 යන දෙදින මීගමුව ජෙට්විංග් බ්ලූ හෝටලයේ දී පවත්වන ලදී.
කාරක සභාවේ සභාපති ගරු ලසන්ත අලගියවන්න මහතා විසින් ‘මෙතෙක් ආ ගමන හා ඉදිරි ක්‍රියාමාර්ග, තක්සේරුව’ සම්බන්ධයෙන් අදහස් දක්වන ලදී. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ කථානායක, ගරු කරු ජයසූරිය මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදී.
මෙහිදී, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දේශප්‍රිය මහතා, පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් (ව්‍යවස්ථාදායක සේවා) කේ.ඒ.ටී.කේ. ජයතිලක මහතා සහ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ මහේෂ් පෙරේරා මහතා විසින් EPAC ක්‍රියාවලිය ස්ථාපනය කිරීම හා සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ ඉදිරිපත් කිරීම් සිදුකරන ලදී.
කාරක සභාවේ ගරු සභික මන්ත්‍රීන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් සහ දෙපාර්තමේන්තු කිහිපයක නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම














