ආසියා-පැසිෆික් කලාපයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කලාපීය හමුව |
දිනය : | 2017-05-04 |
ආසියා-පැසිෆික් කලාපයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කලාපීය හමුව 2017 අප්‍රේල් මස 25 සහ 26 යන දිනවල කොළඹ හිල්ටන් හෝටලයෙහි දී පැවැත්වුණි.
අන්තර් පාර්ලිමේන්තු සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ ඒකාබද්ධව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙය සංවිධානය කරන ලදී. “සියලු කොටස් ඇතුළත් සාමකාමී සමාජයන් ප්‍රවර්ධනය කරමින් සාහසික අන්තවාදය වැළැක්වීමේ කාර්යයෙහිදී තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භූමිකාව” මෙම හමුවේ තේමාව විය.
ආසියා-පැසිෆික් කලාපයට අයත් රටවල් 39 ක ජාතික පාර්ලිමේන්තුවල තරුණ මන්ත්‍රීවරුන් මෙන්ම තෝරාගත් තරුණ සංවිධාන, ජාල සහ සංගම්වල නිරීක්ෂකයින් ද මෙයට සහභාගී විය. එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ඉලංකෛ තමිල් අරසු කච්චි යන පක්ෂ නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමන්විත විය.
අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතා, අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති ගරු සේබර් චෞධරි මහතා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත උනා මැකෝලේ මිය සමාරම්භක සැසියට පැමිණ සිටියෝය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම












