“ආසියා-පැසිෆික් කලාපයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කලාපීය හමුව” සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සත්කාරකත්වය සපයයි |
දිනය : | 2017-04-20 |
ආසියා-පැසිෆික් කලාපයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කලාපීය හමුව 2017 අප්‍රේල් මස 25 සහ 26 යන දිනවල කොළඹ හිල්ටන් හෝටලයෙහිදී පැවැත්වේ.
අන්තර් පාර්ලිමේන්තු සංගමය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන මෙම හමුව “සියලු කොටස් ඇතුළත් සාමකාමී සමාජයන් ප්‍රවර්ධනය කරමින් සාහසික අන්තවාදය වැළැක්වීමේ කාර්යයෙහිදී තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භූමිකාව” යන තේමාව යටතේ පැවැත්වේ.
මෙම හමුව මගින් ආසියා-පැසිෆික් කලාපයට අයත් රටවල් 39 ක ජාතික පාර්ලිමේන්තුවල තරුණ මන්ත්‍රීවරුන් මෙන්ම තෝරාගත් තරුණ සංවිධාන, ජාල සහ සංගම්වල නිරීක්ෂකයින් ද එකට එක් කරනු ඇත. මෙම හමුවට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිස එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ඉලංකෛ තමිල් අරසු කට්චි යන පක්ෂ නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගෙන් සමන්විත වේ.
2017 අප්‍රේල් මස 25 වැනි දින පැවැත්වීමට නියමිත මෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වන අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා එහි මුඛ්‍ය දේශනය පවත්වනු ඇත. එමෙන්ම, මෙම සමාරම්භක අවස්ථාවට සහභාගීවන පාර්ලිමේන්තු මන්ත්‍රී, පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතා පිළිගැනීමේ කථාව පැවැත්වීමට නියමිතය.
අහිංසක මිනිසුන් ගණනාවකගේ ජීවිත බිලිගත් සාහසික අන්තවාදයේ නව රැළි පසුගිය වසර කිහිපය පුරා ලෝකය අත්විඳ ඇති බැවින් මෙම සමුළුවෙහිදී සාහසික අන්තවාදය වැළැක්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතය. සාහසික අන්තවාදය වැළැක්වීමටත්, තිරසාර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීමටත්, විශේෂයෙන්ම 16 වැනි අරමුණ - “තිරසාර සංවර්ධනය උදෙසා සාමකාමී සහ සියලු කණ්ඩායම් ඇතුළත් සමාජ ප්‍රවර්ධනය කිරීම, සියලු දෙනාට යුක්තිය වෙත ප්‍රවේශය සලසා දීම, සහ සියලු මට්ටම්වල කාර්යක්ෂම, වගවීම සහිත ආයතන ගොඩනැගීම” ක්‍රියාත්මක කිරීමටත් තරුණ පරපුර සක්‍රීය ලෙස යෙදවීම ඉතාමත් අවශ්‍ය වේ.
එසේ හෙයින්, සාහසික අන්තවාදය වැළැක්වීම පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදකයින් දැනුම්වත් කිරීමට, සාහසික අන්තවාදය වැළැක්වීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළ යුත්තේ කුමක්ද යන්න හඳුනා ගැනීමට, සහ සාහසික අන්තවාදය වැළැක්වීම පිණිස පාර්ලිමේන්තු සහ තරුණ පිරිස් අතර සංනිවේදනය සහ සම්බන්ධීකරණය වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීමට යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කලාපීය හමුව තුළින් අවස්ථාව සැළසෙනු ඇත.
මෙම හමුවෙන් අනතුරුව එයට සහභාගීවූවන් සඳහා මහනුවර ප්‍රදේශය (දළදා මාලිගාව සහ පින්නවල අලි අනාථාගාරය) නැරඹීම පිණිස චාරිකාවක් ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සංවිධානය කරනු ලැබ ඇත.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






