ජේ.ආර්. ජයවර්ධන පාර්ලිමේන්තු පර්යේෂණ සහ පුහුණු ආයතනය සංවර්ධනය සඳහා වූ සංකල්ප පත්‍රිකාව පිළිගන්වයි |
දිනය : | 2017-04-11 |
ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය ජේ.ආර්. ජයවර්ධන පාර්ලිමේන්තු පර්යේෂණ සහ පුහුණු ආයතනය වශයෙන් සංවර්ධනය කිරීම සඳහා දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ ආධාර ආයතනයක් වශයෙන් කටයුතු කරන ෆ්රෙඩ්රික් නවුමාන් පදනම (FNF) විසින් යෝජිත ආයතනයට අදාළ සංකල්ප පත්‍රිකාව, පනත් කෙටුම්පත සහ වාස්තුරූපී අදහස් 2017 මාර්තු මස 23 වැනි දින ගරු අග්‍රාමාත්‍යතුමාට සහ ගරු කථානායකතුමාට පිළිගන්වන ලදී.
කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ ඉල්ලීම පරිදි ෆ්රෙඩ්රික් නවුමාන් පදනම විසින් මෙම ව්‍යාපෘතිය සඳහා පහසුකම් සැලසීමට එකඟ වූ අතර, පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය හා ෆ්රෙඩ්රික් නවුමාන් පදනම අතර 2016 දී අත්සන් තබනු ලැබූ සහයෝගිතා ගිවිසුමට අමතරව 2017 වසර සඳහා ද සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීම 2017 මාර්තු මස 14 වැනිදා සිදුවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට සහ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීන් ඇතුළු අනෙකුත් දේශපාලන නියෝජිතයින්ට අත්‍යාවශ්‍ය තොරතුරු අවශ්‍යතා සහ පර්යේෂණ කරුණු ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ. අනුබද්ධිත විශ්වවිද්‍යාලවලින් ශාස්ත්‍රීය සුදුසුකම් ලබා ගැනීම දක්වා දිවෙන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අදාළ වන ශාස්ත්‍රීය පාඨමාලා කිහිපයක් මෙම ආයතනය මගින් මෙහෙයවනු ඇත.
පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එන්. සෙල්වකුමාරන් යන මහත්වරුන් විසින් ආයතනයේ සංකල්ප පත්‍රිකාව සහ පනත් කෙටුම්පත නිර්මාණය කරන ලදී. ආයතනයේ ගොඩනැගිලි සහ යටිතල පහසුකම් සඳහා වන මූලික සංකල්පය, නිර්මාණය සහ සැලසුම් ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පී මුරාඩ් ඉස්මයිල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් MICDA එසෝසියේට්ස් සමාගමේ ගෘහ නිර්මාණ ශිල්පීන් කණ්ඩායමක් විසින් සකසන ලදී.
කාර්ය මණ්ඩල ප්‍රධානී හා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා, අධ්යක්ෂ ව්‍යවස්ථාදායක සේවා ජගත් ගජවීර ආරච්චිගේ මහතා, ෆ්රෙඩ්රික් නවුමාන් පදනමේ මෙරට නියෝජිත සාගරිකා දෙල්ගොඩ මහත්මිය, එම පදනමේ ව්‍යාපෘති විධායක විද්‍යා අභයගුණවර්ධන මහතා, එන්. සෙල්වකුමාරන් මහතා සහ මුරාඩ් ඉස්මයිල් මහතා මෙම අවස්ථාවට සහභාගී වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම







