ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය - මාධ්‍ය නිවේදනය |
දිනය : | 2017-04-05 |
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් නොමැති බවත්, සංශෝධනය කිරීම ප්‍රමාණවත් බවත් සඳහන් කරමින්, පුවත්පත්වල පළවූ සාවද්‍ය ප්රවෘත්ති කිහිපයක් පිළිබඳව මෙහෙයුම් කමිටුවේ අවධානය යොමුවූ අතර, විශේෂයෙන්ම 2017 අප්‍රේල් 5 වන දින දෙමළ භාෂාවෙන් පළවන පුවත්පත්වල ප්‍රමුඛත්වය දී පළවූ ලිපි පිළිබඳව මෙහිදී අවධානයට යොමුවිය.
මෙම ලිපිවලින් අවධාරණය කොට තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමේ නායකයා වන ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නමය. ප්‍රවාහන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වූ විවාදයට සහභාගී වූ බැවින්, ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා 2017 අප්‍රේල් මස 4 වන දින පැවැත්වූ මෙහෙයුම් කමිටුවේ රැස්වීමට සහභාගී නොවීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදිනෙක මෙම ස්ථාවරය නොගත් අතර, ඒ බව ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අද දින මෙහෙයුම් කමිටුවේ රැස්වීමේදී සනාථ කරන ලදී.
මෙම සාවද්‍ය ප්රවෘත්ති පළකිරීමේ සැඟවුණු අරමුණක් ඇති බවත් එයින් මෙහෙයුම් කමිටුවේ කර්තව්‍යයට අයහපතක් සිදුවන බවත් මෙහෙයුම් කමිටුවේ අදහස විය. කෙසේ වෙතත්, මෙහෙයුම් කමිටුවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙනයාමටත් ඉතා ඉක්මනින් කෙටුම්පත් වාර්තාවක් පිළියෙල කිරීමටත් තීරණය විය.
නීල් ඉද්දවල
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් කමිටුවේ ලේකම් සහ
මෙහෙයුම් කමිටුවේ ප්‍රකාශක
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






