‘කථානායකවරයාගේ භූමිකාව සහ කාර්යාලය’ පිළිබඳ වටමේස සාකච්ඡාව |
දිනය : | 2017-02-27 |
‘කථානායකවරයාගේ භූමිකාව සහ කාර්යාලය’ පිළිබඳ වටමේස සාකච්ඡාවක් සභාපති නාමාවලියේ සාමාජික මන්ත්‍රීන්ගේ හා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වය ඇතිව ප්රජාතන්ත්රවාදය සඳහා වූ වෙස්ට්මින්ස්ටර් පදනම (Westminster Foundation for Democracy) සමඟ ඒකාබද්ධව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් 2017 පෙබරවාරි මස 16 සහ 17 යන දෙදින මීගමුවෙහි දී පවත්වන ලදී.
මෙහි මූලික අරමුණ වූයේ සභාපති නාමාවලියේ සභික පාර්ලිමේන්තු මන්ත්‍රීන් හට අදාළ ස්ථාවර නියෝග හා මුලාසනාරූඪ මන්ත්‍රීන්ට සම්බන්ධ සම්ප්‍රදායන් පිළිබඳ දැනුම වර්ධනය කරගැනීම සහ එවැනි අභියෝග හා අවස්ථාවන්හි දී අනෙකුත් පාර්ලිමේන්තු ක්‍රියාකරන ආකාරය අවබෝධ කරගැනීමයි. වෙස්ට්මින්ස්ටර් ක්රමයේ පාර්ලිමේන්තුවල මුලාසනාරූඪ මන්ත්‍රීන්ගේ භූමිකාව පිළිබඳව එක්සත් රාජධානියේ අත්දැකීම් හා ප්‍රවීණතාවය එරට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් විසින් බෙදා දෙන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රීන්, නිලධාරීන් සහ පාර්ලිමේන්තු අතර ප්‍රවීණතා බෙදාගැනීම, දැනුම ලබාගැනීම සහ සබඳතා ගොඩනැගීම ආදී හුවමාරුවන් හි වැදගත්කම පාර්ලිමේන්තුවේ කථානායක, ගරු කරු ජයසූරිය මහතා විසින් පෙන්වා දෙන ලදී.
සමාරම්භක සැසියට ගරු කථානායකතුමා, ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමා, ගරු හිටපු කථානායකතුමා, සභාපති නාමාවලියේ සභික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා සහභාගී වූහ. 2011-2016 සාමි මන්ත්‍රණ මණ්ඩලයේ කථානායක ෆ්රාන්සස් ඩි’සූසා සාමිවරිය, මහජන මන්ත්‍රණ මණ්ඩලයේ සභාපති නාමාවලියේ හිටපු ජ්‍යෙෂ්ඨ සභික මන්ත්‍රී ශ්‍රීමත් නිකොලස් වින්ටර්ටන්, සභා ලේකම් ක්රිස්පින් පොයිසර්, මන්ත්‍රණ මණ්ඩලයේ කථානායක උපදේශක රොබින් රැම්සේ යන මහත්ම මහත්මීන් බ්‍රිතාන්‍ය නියෝජිත පිරිසට ඇතුළත් විය.
ප්රජාතන්ත්රවාදය සඳහා වූ වෙස්ට්මින්ස්ටර් පදනම සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර දැනටත් පවත්නා සහයෝගිත්වය වෙනුවෙන් ලබාදෙන සහයට පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා කෘතඥතාව පළ කර සිටියේය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම












