කථානායක කරු ජයසූරිය මහතා ජිනීවාහි දී අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සමුළුව අමතයි |
දිනය : | 2016-11-01 |
2016 ඔක්තෝබර් මස 23 සිට 27 දක්වා ජිනීවාහි දී පැවැත්වුණු අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 135 වැනි සමුළුවට ඉහළ පෙළේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් මෙහෙයවමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතා 2016 ඔක්තෝබර් මස 25 වැනිදා උදය වරුවේ එහි ප්‍රධාන රැස්වීම ඇමතීය. මෙවර සැසියේ තේමාව වූයේ ‘ගැටුමේ පෙරනිමිති වශයෙන් සිදුවන මානව හිමිකම් උල්ලංඝණය කිරීම්: පූර්ව ප්‍රතිචාර දක්වන්නන් ලෙස පාර්ලිමේන්තු ක්‍රියා කිරීම’ යි.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය, ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විජිත හේරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වේලු කුමාර් මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ඇතුළත් විය.
ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති රවිනාථ ආර්යසිංහ, නියෝජ්‍ය නිත්‍ය නියෝජිත, සමන්තා ජයසූරිය සහ උපදේශිකා සශිකා සෝමරත්න යන මහත්ම මහත්මීන් නියෝජිත පිරිසගේ සහයට එක් වී සිටියහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








