ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය - පුවත්පත් නිවේදනය |
දිනය : | 2016-09-21 |
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පත්කරන ලද මෙහෙයුම් කමිටුවෙහි 27 වැනි රැස්වීම අද දිනයේ පවත්වන ලදී. එහි වර්තමානයේ සාකච්ඡා කෙරෙන ප්‍රධාන මාතෘකා තුන වන්නේ මැතිවරණ ප්‍රතිසංස්කරණ, බලය බෙදාහැරීම සහ විධායකයයි. විවිධ ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා ඇති නමුත්, සියලුම කරුණු පිළිබඳව පූර්ණ වශයෙන් සළකා බලන තුරු කිසිදු නිශ්චිත තීරණයක් ගනු නොලැබේ.
පත්කරන ලද අනුකමිටු හය විසින් ද ඒවාට පැවරුණු කාර්යයන් නිම කර ඇත. සෑම කරුණක් පිළිබඳව ම එකඟත්වයකට පැමිණීමට පෙර මෙහෙයුම් කමිටුව විසින් එම අනුකමිටුවල වාර්තා සළකා බලනු ලැබේ. එවැනි එකඟත්වයකට එළඹීමේ ක්‍රියාවලියේදී, සාකච්ඡා කරන ලද කරුණු පිළිබඳ විස්තර දැනට ප්‍රසිද්ධ කරනු නොලැබේ. එකඟත්වයකට එළඹීමෙන් අනතුරුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවනු ලැබූ 2016 මාර්තු මස 09 වැනි දිනැති යෝජනා සම්මතය මගින් අපේක්ෂා කරන ලද පරිදි, මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබේ. 2016 නොවැම්බර් මාසයට පෙර එහි අතුරු වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කිරීමට මෙහෙයුම් කමිටුව කටයුතු කරනු ඇත.
නීල් ඉද්දවල
කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්, සහ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිළිබඳ මෙහෙයුම් කමිටුවෙහි ලේකම් සහ එම මෙහෙයුම් කමිටුවෙහි ප්‍රකාශක
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






