ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනයේ ශ්‍රී ලංකා අධ්‍යයන චාරිකාව

දිනය : 2016-07-12

හිටපු රාජ්‍යතාන්ත්‍රිකයින්, ශාස්ත්‍රඥයින් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගෙන් සමන්විත වූ නියෝජිත පිරිසක් 2016 ජූලි මස 11 වැනි දින පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත විය. නියෝජ්‍ය කථානායක ගරු තිලංග සුමතිපාල මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනයේ (AIIA) නියෝජිතයින් හමුවූහ.

 

ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනය (AIIA) ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අවබෝධය ඔස්ට්‍රේලියාව තුළ ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් බුද්ධිමණ්ඩලයක් වන අතර ඒ හා සමා‍න විදෙස් සංවිධාන සමඟ ද සම්බන්ධ වේ. ශ්‍රී ලංකාව පිළිබඳව හැදෑරීමට සහ මෙරට සංවර්ධන කටයුතු හා ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් දැකබලා ගැනීම සඳහා එහි වික්ටෝරියානු ශාඛාවේ (AIIAV) සාමාජිකයින් 20 ක් මේ වන විට මෙරටට පැමිණ සිටී. නියෝජිත පිරිස කොළඹ, යාපනය, අනුරාධපුර, නුවර සහ දඹුල්ල යන ස්ථානයන් හි සංචාරය කරන අතර ඔස්ට්‍රේලියානු හා අනෙකුත් ආධාර ව්‍යාපෘති, “යුනෙස්කෝ” ලෝක උරුම ස්ථාන, තේ වත්තක් සහ (මෙරට වාණිජ ක්‍රියාකාරකම් පිළිබඳව අදහසක් ලබාගැනීම සඳහා) ඇඟළුම් කර්මාන්තශාලාවක් නැරඹීමට නියමිතය.

 

මෙම සංචාරයේ ප්‍රධානත්වය දරන්නේ හිටපු ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් රිචී මහතාය. ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනයේ වික්ටෝරියා ශාඛාවේ සභාපති පැට්‍රික් මූර් මහතා ද නියෝජිත පිරිස අතර වේ. එම ශාඛාවේ කවුන්සිල සාමාජිකයෙක් වන ශ්‍රී ලංකාවේ උපන් ෂෝන් ජේසුදාසන් මහතා ද මෙම සංචාරය සංවිධානය කිරීම සඳහා දායක විය.

 

ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට නියෝජිත පිරිස විසින් සුබ පතනු ලැබූ අතර, දෙරට අතර සාරවත් සබැඳියාවක් පවත්වාගෙන යාමට ද බලාපොරොත්තු වේ. තව තවත් පුද්ගල සබඳතා ඇතිකරගැනීමට සහ ඔස්ට්‍රේලියාව තුළ ශ්‍රී ලංකාව පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම උදෙසා ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් පවත්වා ගැනීමට නියෝජිත පිරිස බලාපොරොත්තු වේ.

 

1 2

3 4

5 6

7 8

9 10

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි