ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට පාදමාන (පිඩොමීටර) බෙදාදීම

දිනය : 2016-06-08

“සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් ප්‍රවර්ධනය කිරීම” වෙනුවෙන් පාර්ලිමේන්තු පරිපාලන කාර්ය මණ්ඩලීය සංගමය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සමඟ එක්ව 2016 ජුනි මස 8 වැනි දින පාර්ලිමේන්තු සංකීර්ණයේ කාරක සභා කාමර අංක 01 හිදී වැඩමුළුවක් සංවිධානය කරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ හා අනුබද්ධිත කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය තත්වය නඟාසිටුවීම මෙම වැඩමුළුවේ අරමුණ විය. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් අතර පිඩොමීටර බෙදාදෙනු ලැබීය. තවද, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය විසින් සකස් කරනු ලැබූ “පාර්ලිමේන්තු පරීක්ෂණ ප්‍රතිඵල” වාර්තාව, “සේවාස්ථානවල ආපනශාලා සඳහා වූ නිර්දේශ” සහ “රැස්වීම්වල ආහාර වට්ටෝරු සඳහා වූ නිර්දේශ” ද ගරු කථානායකතුමා වෙත පිළිගන්වන ලදී.

 

මෙම අවස්ථාවට ගරු කථානායකතුමා, ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී වූහ.

 

1 2

3 4

5 6

7 8

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි