ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සංවර්ධනය සහ රාජ්‍ය පාලනය සඳහා සමාජ මාධ්‍යය භාවිතා කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැවැත්වූ වැඩසටහන

දිනය : 2015-10-09

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් “සංවර්ධනය සහ රාජ්‍ය පාලනය සඳහා සමාජ මාධ්‍යය භාවිතා කිරීම” පිළිබඳ හැකියාවන් වර්ධනය කිරීමේ වැඩසටහනක් 2015 ඔක්තෝබර් මස 8 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්විණි. මෙම වැඩසටහන සංවර්ධනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආසියානු සහ පැසිෆික් පුහුණු මධ්‍යස්ථානය (UN-APCICT) සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලදී.

 

මෙම වැඩසටහනෙහි මූලික අරමුණ වූයේ මෙරට සංවර්ධනය සඳහා සමාජ මාධ්‍ය සහ අනෙකුත් නවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නැඹුරුතා භාවිතා කරන ආකාරය පිළිබඳව සහභාගී වූවන් පුහුණු කිරීමයි.

 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළුව, UN-APCICT/ESCAP හි අධ්‍යක්ෂ ආචාර්ය හියුන්-සුක් රී මහතා, ICTA සභාපතිනි චිත්‍රාංගනී මුබාරක් මහත්මිය, ICTA ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ මුහුන්දන් කනගේ මහතා සහ තවත් සම්පත් දායකයින් පිරිසක් සහභාගී වූහ.

 

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි