ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අටවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ අභිනව මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැත්වූ දැනුවත් කිරීමේ වැඩමුළුව

දිනය : 2015-09-14

අටවැනි පාර්ලිමේන්තුවට අභිනවයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරයන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2015 සැප්තැම්බර් මස 10 සහ 11 යන දිනයන්හි දී පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්විණි.

 

මෙම අවස්ථාවට ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු කථානායකතුමා, ගරු නියෝජ්‍ය කථානායකතුමා, ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමා, ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිතවරයා‍, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම්, සහකාර මහ ලේකම් සහ තවත් විදේශීය සම්භාවනීය අමුත්තන් සහභාගී වූහ.

 

වැඩමුළුව ආරම්භයේ දී ගරු කථානායකතුමා, විදේශීය අමුත්තන් සහ ගරු අගමැතිතුමා රැස්ව සිටි පිරිස ඇමතූහ. ඉන් අනතුරුව දැනුවත් කිරීමේ වැඩමුළුව ආරම්භ වූ අතර, ජාත්‍යන්තර පාර්ලිමේන්තු විශේෂඥයින් කිහිප දෙනෙකු සහ පාර්ලිමේන්තුවේ කාර්යාංශ කිහිපයක ප්‍රධානීන් විසින් පාර්ලිමේන්තු පරිචයන් හා ක්‍රියාපටිපාටීන්ට සම්බන්ධ විවිධ විෂයයන් සහ කාර්යයන් පිළිබඳ ඉදිරිපත් කිරීම් සිදු කළහ.

 

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි