මේ සතියේ පාර්ලිමේන්තුව (මාර්තු මස දෙවැනි රැස්වීම් සතිය) |
දිනය : | 2015-03-24 |

මාර්තු 17
අපරාධ නඩු විධාන සංග්‍රහය ( විශේෂ විධිවිධාන) පනත පිළිබඳ විවාදය පවත්වන ලදි. 1979 අංක 15 දරන මුල් පනත අවස්ථා ගණනාවක සංශෝධනය කරන ලදි. 2013 අංක 2 දරන අපරාධ නඩු විධාන ( විශේෂ විධිවිධාන) පනත යටතේ සැකකරුවෙකු පොලිස් පරීක්ෂණ සඳහා උපරිම පැය 24 ක් රඳවා ගැනීමට පුළුවන. පැය 24 ඉක්මවීමට පෙර සැකකරු මහේස්ත්‍රාත්වරයෙක් හමුවට පැමිණ විය යුතුය. එසේවුවද, පනතේ උපලේඛනයේ දක්වා ඇති බරපතල වැරදි 15 ක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලබන සැකකරුවෙක් පැය 48 ක් දක්වා රඳවා තබා ගැනීමේ බලය පොලිසියට ඇත. ඒ සඳහා උසස් පොලිස් නිලධාරියෙකුගේ අනුමැතිය අවශ්‍යය. මේ පනත සෑම වසර 2 කට වරක්ම පාර්ලිමේන්තුව විසින් අනුමත කොට දීර්ඝ කළ යුතුවේ. අධිකරණ අමාත්‍යවරයා ඒ සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කොට, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මහ බැංකුවේ බැඳුම්කර හා මහ බැංකුවේ අධිපති සම්බන්ධයෙන් මතු වී ඇති කරුණ ගැන ගරු අග්‍රාමාත්‍යතුමා විසින් විශේෂ ප්‍රකාශයක් කරන ලදී.
මාර්තු 18
1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනත යටතේ නියෝග විවාදයට බඳුන් කොට සම්මත කරන ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරනු ලබන යෝජනා අනුව දේශීය නීති සකසා ගැනීමට සාමාජික රටවල පාර්ලිමේන්තු පියවර ගත යුතුය. ඒවා බලාත්මක වන්නේ එවිටය. ඒ අනුව, අල් කයිඩා හා තලේබාන් යන ත්‍රස්තවාදී සංවිධාන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ක්‍රියා කළ යුතු ආකාරය මෙම නියෝගවලින් දැක්වේ. විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙම නියෝග සාදන ලදී.
මාර්තු 19
අපරාධ නඩු විධාන (විශේෂ විධිවිධාන) පිළිබඳව කල් තබන ලද විවාදය නැවත පවත්වන ලදී. විවාදය අවසානයේ ඡන්ද විමසීමක් පවත්වන ලද අතර, එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ එක් මන්ත්‍රීවරයෙක් පමණි.
මහ බැංකුවේ බැඳුම්කර හා මහ බැංකුවේ අධිපති පිළිබඳව මතු වී ඇති කාරණය ගැන ගරු අග්‍රාමාත්‍යවරයා විසින් මාර්තු 17 දින පාර්ලිමේන්තුවේ දී කරන ලද ප්‍රකාශය පිළිබඳව කල් තැබීමේ යෝජනාවක් ගරු විපක්ෂ නායකතුමා විසින් ගෙන එන ලදි. ඒ පිළිබඳ විවාදය පවත්වන ලදී.
මාර්තු 20
රටේ වර්තමාන මූල්‍ය හා ණය තත්ත්වය පිළිබඳව කල්තැබීමේ යෝජනාවක් විපක්ෂය විසින් ගෙන එන ලදුව විවාදයට බඳුන් කරන ලදී.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






