ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ඉන්දීය අගමැතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි

දිනය : 2015-03-09

2015 මාර්තු මස 13 සහ 14 දිනවල රාජ්‍ය සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය අතිගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා 13 වන සිකුරාදා දින ප.ව. 3.15 ට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතන සිව්වැනි ඉන්දීය අගමැතිවරයා ඔහු වනු ඇත. අවසන් වරට ඉන්දීය අගමැතිවරයෙක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතුවේ මීට වසර 36 කට පෙර 1979 පෙබරවාරි මස 6 වැනිදා ය. ඒ අතිගරු ශ්‍රී මොරාජි දේසායි මැතිතුමා විසිනි. ඊට පෙර අතිගරු ශ්‍රීමති ඉන්දිරා ගාන්ධි මැතිණිය විසින් 1973 අප්‍රේල් මස 28 වැනිදා ද, අතිගරු ශ්‍රී පණ්ඩිත් ජවහර්ලාල් නේරු මැතිතුමා විසින් 1962 ඔක්තෝබර් මස 13 වැනිදා ද පාර්ලිමේන්තුව අමතා ඇත.

 

කථානායකතුමා මූලාසනයේ සිටියදී එමෙන්ම සෙංකෝලය මේසය මත රඳවා තිබියදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ දී පාර්ලිමේන්තුව රැස් වී ඇති අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමතීමේ ගෞරවය ඉන්දීය අගමැතිවරයෙක්ට හිමිවන පළමු අවස්ථාව මෙය වේ.

 

මීට පෙර අවස්ථා තුනේ දී ඉන්දීය නායකයින් විසින් කොළඹ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ රැස්වීම් ශාලාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමතුව ද, එහිදී මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවක් ලෙස රැස් වී නොසිටියහ.

 

ඉන්දීය අගමැතිවරයෙක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන්නේ වසර 28 කට පසුව වන අතර අවසන් වරට එවැනි සංචාරයක් සඳහා 1987 ජූලි මාසයේ දී අතිගරු ශ්‍රී රජීව් ගාන්ධි මැතිතුමා මෙරටට පැමිණියේ ය.

 

2008 අගෝස්තු මස 3 වැනිදා ‘සාර්ක්’ රටවල රාජ්‍ය නායකයින් සමඟ අතිගරු ශ්‍රී මන්මෝහන් සිං මහතා පාර්ලිමේන්තුවේ සංචාරය කළේය.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි