ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ලබන රැස්වීම් සතියේ සභාවේ කටයුතු

දිනය : 2012-09-27

2012 සැප්තැම්බර් මස 19 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2012 ඔක්තෝබර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකචිඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2012 ඔක්තෝබර් මස 9 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග
(ඉහත නියෝග 2012.09.18 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2012.09.21 දින නිකුත් කළ අංක. 6(8) දරන පරිපූරකයේ ඇතුළත් කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩුව විසින්)

2012 ඔක්තෝබර් මස 10 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 04.00 (i) පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත - කාරක සභාව (ii) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත - කාරක සභාව
(ඉහත පනත් කෙටුම්පත් දෙක 2012.09.19 දින අංක. 210 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 11 සහ 12 වශයෙන් සඳහන් වේ)
ප.ව. 04.00 සිට ප.ව. 07.00 කල් තැබීමේ විවාදය (විපක්ෂය විසින්)

2012 ඔක්තෝබර් මස 11 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 සිවිල් ගුවන් සේවා පනත යටතේ රෙගුලාසි
(ඉහත රෙගුලාසි 2012.09.20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2012.09.21 දින නිකුත් කළ අංක. 6(8) දරන පරිපූරකයේ ඇතුළත් කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩුව විසින්)

2012 ඔක්තෝබර් මස 12 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 06.30පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා

(i) ගරු රවි කරුණානායක මහතා විසින් එක් යෝජනාවක්
(පා. 11/'10 - 2012.08.10 දින නිකුත් කළ අංක. 6(6) දරන පරිපූරකයේ පිටු අංක 22 බලන්න)

(ii) ගරු බුද්ධික පතිරණ මහතා විසින් එක් යෝජනාවක්
(පා. 74/'10 - 2012.08.10 දින නිකුත් කළ අංක. 6(6) දරන පරිපූරකයේ පිටු අංක 28 බලන්න)

(iii) ගරු රුවන් රණතුංග මහතා විසින් එක් යෝජනාවක්
(පා. 122/'11 - 2012.08.10 දින නිකුත් කළ අංක. 6(6) දරන පරිපූරකයේ පිටු අංක 35 බලන්න)

(iv) ගරු (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා විසින් එක් යෝජනාවක්
(පා. 126/'11 - 2012.08.10 දින නිකුත් කළ අංක. 6(6) දරන පරිපූරකයේ පිටු අංක 35 බලන්න)

(v) ගරු අජිත් කුමාර මහතා විසින් එක් යෝජනාවක්
(පා. 128/'11 - 2012.08.10 දින නිකුත් කළ අංක. 6(6) දරන පරිපූරකයේ පිටු අංක 36 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විපක්ෂය විසින්)

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි