ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ලබන රැස්වීම් සතියේ සභාවේ කටයුතු

දිනය : 2011-06-24

2011 ජූනි මස 23 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2011 ජූලි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකචිඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2011 ජූලි මස 5 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 05.30මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව
(හදිසි නීති විවාදය)
ප.ව. 05.30 සිට ප.ව. 07.30(i) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත ය‍ටතේ නියමයන් තුනක්
(ii) රේගු ආඥාපනත යටතේ යෝජනාව
(iii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග


(ඉහත විෂයන් 2011.06.23 දින අංක 99 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 8 සිට 12 වශයෙන් සඳහන් වේ)

2011 ජූලි මස 6 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 07.00පරිපූරක ඇස්තමේන්තුව (2011 අංක 1 දරන) (රු. බිලියන 20) (රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය)
(ඉහත විෂය 2011.06.23 දින සභාවට ඉදිරිපත් කරන ලද අතර 2011.06.24 දින නිකුත් වීමට නියමිත අංක 3(6) දරන පරිපූරකයේ ඇතුළත් වනු ඇත)

2011 ජූලි මස 7 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 07.30 ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර වත්මන් තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදය (ITAK)

2011 ජූලි මස 8 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 07.30විදේශ කටයුතු අමාත්‍යතුමා විසින් කරන ලද අමාත්‍යාංශ නිවේදනය පිළිබඳ කල් තැබීමේ විවාදය (ප්‍රජාස)

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි