ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ලබන රැස්වීම් සතියේ සභාවේ කටයුතු

දිනය : 2011-06-10

2011 ජූනි මස 09 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2011 ජූනි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකචිඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2011 ජූනි මස 21 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.302010 අංක 7 දරන විසර්ජන පනත යටතේ යෝජනා දහයක්
(යෝජනා අටක් 2011.06.09 දින අංක 95 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 10 සිට 17 දක්වා සඳහන් වන අතර අනෙක් යෝජනා දෙක 2011.06.10 දින නිකුත් කිරීමට නියමිත අංක 3(5) දරන පරිපූරකයේ ඇතුළත් කෙරෙනු ඇත)
ප.ව. 06.30 සිට ප.ව. 07.30සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විපක්ෂය විසින්)

2011 ජූනි මස 22 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ නියෝගය
(මෙම නියෝගය 2011.06.09 දින සභාවට ඉදිරිපත් කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විපක්ෂය විසින්)

2011 ජූනි මස 23 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30පහත සඳහන් අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා:-
• ගරු ඩී. පී. වික්‍රමසිංහ මහතා
• ගරු පෝල් පෙරේරා මහතා
• ගරු හැරී අබේධීර මහතා
• ගරු මෙරිල් ප්‍රනාන්දු මහතා
ප.ව. 06.30 සිට ප.ව. 07.30සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩුව විසින්)

2011 ජූනි මස 24 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 06.30පහත සඳහන් අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා:-
• ගරු කේ. එම්. පී. රාජරත්න මහතා
• ගරු කුසුමා රාජරත්න මහත්මිය
• ගරු එල්. ඒ. බී. පෙරේරා මහතා
ප.ව. 06.30 සිට ප.ව. 07.30

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩුව විසින්)

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි