ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ලබන රැස්වීම් සතියේ සභාවේ කටයුතු

දිනය : 2009-09-11

2009 සැප්තැම්බර් මස 10 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2009 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකචිඡා කර පහත පරිදි එකඟ විය:-

2009 සැප්තැම්බර් මස 22 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 01.30 පරිපූරක ඇස්තමේන්තුව (රු. 350,000,000)
(නැවත පදිංචි කිරීම හා ආපදා සහන සේවා අමාත්‍යාංශය)

(මෙම විෂය 2009.09.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර 2009.09.11 දින නිකුත් කිරීමට නියමිත අංක. 1(8) දරන පරිපූරකයේ ඇතුළත් කෙරෙනු ඇත)
ප.ව. 01.30 සිට ප.ව. 04.30සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විපක්ෂය විසින්)

2009 සැප්තැම්බර් මස 23 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 01.30පරිපූරක ඇස්තමේන්තුව (රු. 685,393,938)
(කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාංශය)


(මෙම විෂය 2009.09.10 දින අංක 26 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 20 වශයෙන් සඳහන් වේ)
ප.ව. 01.30 සිට ප.ව. 04.30සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විපක්ෂය විසින්)

2009 සැප්තැම්බර් මස 24 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 01.00ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(මෙම පනත් කෙටුම්පත 2009.09.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)
ප.ව. 01.00 සිට ප.ව. 03.30 පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(මෙම පනත් කෙටුම්පත 2009.09.10 දින අංක 26 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 3 වශයෙන් සඳහන් වේ)
ප.ව. 03.30 සිට ප.ව. 04.30සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (රජය විසින්)

2009 සැප්තැම්බර් මස 25 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 12.30(i) අභාවප්‍රාප්ත ගරු සුනිල් රන්ජන් ජයකොඩි මහතා, පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු විමලා කන්නන්ගර මහත්මිය, පා.ම.

පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා
ප.ව. 12.30 සිට ප.ව. 01.30

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විපක්ෂය විසින්)

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි