ලබන රැස්වීම් සතියේ සභාවේ කටයුතු |
දිනය : | 2009-04-22 |
2009 අප්රේල් මස 21 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2009 මැයි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත පරිදි එකඟ විය;
| 2009 මැයි මස 05 වැනි අඟහරුවාදා | |
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 04.30 | මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව
(හදිසි නීති විවාදය) |
| 2009 මැයි මස 06 වැනි බදාදා | |
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 03.30 | (i) වෛද්ය ආඥා පනත යටතේ නියෝග
(ii) මදුරුවන් බෝවීම වැලැක්වීමේ පනත යටතේ නියෝග (ඉහත අංක (i) සහ (ii) දරන විෂයන් 2009.04.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2009.04.22 දින නිකුත් වීමට නියමිත අංක. 3(1) දරන පරිපූරකයේ ඇතුළත් වනු ඇත.) |
| ප.ව. 03.30 සිට ප.ව. 04.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
(නෝර්වේ, ඔස්ලෝ නුවර ශ්රී ලංකා තානාපති කාර්යාලයට එල්ල වූ ප්රහාරය) |
| 2009 මැයි මස 07 වැනි බ්රහස්පතින්දා | |
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න |
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | (i) ශ්රී ලංකා භූ දර්ශන නිර්මාණ ශිල්පී ආයතනය පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(ii) පස සංරක්ෂණ පනත යටතේ නියෝග දෙකක් (iii) ශාක ආරක්ෂක පනත යටතේ නියෝග (ඉහත අංක (i) සිට (iii) දක්වා විෂයන් 2009.04.21 දින අංක 83 දරන න්යාය පත්රයේ විෂය අංක 12, 24 සහ 26 වශයෙන් සඳහන් වේ.) |
| පෙ.ව. 11.30 සිට ප.ව. 04.30 | කල් තැබීමේ යෝජනාව
(රටේ ආර්ථිකය) |
| 2009 මැයි මස 08 වැනි සිකුරාදා | |
| (පෝය දිනය) පාර්ලිමේන්තු රැස්වීම් නැත | |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්රම ව්යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






