ජුනි මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු |
දිනය : | 2018-06-11 |
2018 ජුනි මස 7 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2018 ජුනි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2018 ජුනි මස 19 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | “රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තා” පිළිබඳ කල්තැබීමේ විවාදය (ජ.වි.පෙ.) |
|
2018 ජුනි මස 20 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | (i) ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (මෙම පනත් කෙටුම්පත 2018.06.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී) (ii) සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක් (පිළිවෙළින් 2018.04.09 සහ 2018.04.06 දිනැති අංක 2066/2 සහ 2065/57 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද අංක 08 සහ 09/2018 දරන මෙම සුරාබදු නිවේදන 2018.06.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනා 2018.06.08 දින නිකුත් කළ අංක 1(3) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී) (iii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග (2018.06.07 දින අංක 11 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 7 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.) |
|
* “ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක්කරනු ලැබුවහොත් අයිතම අංක (ii) සහ (iii) මෙදින විවාදයට ගනු ඇති අතර, එකී පනත් කෙටුම්පත අධිකරණයේ දී අභියෝගයට ලක්නොකරනු ලැබුවහොත් එය විවාදයට ගෙන ඉහත අනෙකුත් අයිතමයන් දෙක 2018.06.21 දින විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. |
|
|
2018 ජුනි මස 21 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 06.30 | 1990 සුවසැරිය පදනම පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (2018.06.07 දින අංක 18 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 7 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.) |
|
2018 ජුනි මස 22 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 06.30 | ශෝක ප්‍රකාශ යෝජනා - (i) අභාවප්‍රාප්ත ගරු ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් මහතා, හිටපු පා.ම., (ii) අභාවප්‍රාප්ත ගරු රේණුකා හේරත් මහත්මිය, හිටපු පා.ම., (iii) අභාවප්‍රාප්ත ගරු මල්ලිකා රත්වත්තේ මහත්මිය, හිටපු පා.ම. |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.) |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






