ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ජූලි මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු

දිනය : 2016-07-12

2016 ජූලි මස 7 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 ජූලි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2016 ජූලි මස 19 වැනි අඟහරුවාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය - පෝය දිනය)
 

2016 ජූලි මස 20 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනි වර කියවීම
(ඉහත පනත් කෙටුම්පත 2016 ජූලි මස 08 වැනි සිකුරාදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව “එකතු කළ අගය මත බදු (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක්කරනු ලැබුවහොත් එම පනත් කෙටුම්පත වෙනුවට මතු දැක්වෙන අයිතමය විවාදය සඳහා ගැනීමට සාකච්ඡා කිරීමෙන් අනතුරුව එකඟ වන ලදී.
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ක්‍රීඩා පනත යටතේ නියෝග
(2016.07.07 දින අංක 83 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 12 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2016 ජූලි මස 21 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත යටතේ රීති
(2016.07.07 දින අංක 83 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 15 බලන්න)
ප.ව. 01.30 සිට ප.ව. 06.30 ආනයන හා අපනයන පාලන පනත යටතේ නියෝග තුනක්
(ඉහත නියෝග දෙකක් 2016.07.07 දින අංක 83 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 9 සහ 10 වශයෙන් සඳහන් වන අතර, අනෙක් නියෝගය 2016.06.07 දිනැති අංක 1970/9 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ වූ අතර 2016.07.07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව ඒ පිළිබඳ යෝජනාව 2016.07.08 දින නිකුත් කළ අංක 3(5) දරන පරිපූරකයේ ඇතුළත් කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2016 ජූලි මස 22 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදය (එ.ජ.නි.ස.)

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි