ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අප්‍රේල් මස පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු

දිනය : 2016-03-28

2016 මාර්තු මස 23 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 අප්‍රේල් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර, පහත සඳහන් පරිදි එකඟ වන ලදී :-

2016 අප්‍රේල් මස 05 වන අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
(සභාව කල්තැබීම)
ප.ව. 02.00 සිට ඉදිරියට ව්‍යවස්ථාදායක මණ්ඩලයේ පළමු සභා වාරය
 

2016 අප්‍රේල් මස 06 වන බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත - දෙවනවර කියවීම
(2016-03-23 දින පාර්ලිමේන්තුවේ අංක 60 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 03 යටතේ දැක්වේ.)
ප.ව. 06.30 ඉදිරි මැතිවරණ වලදී හා ඊට අනුශාංගික කටයුතු වලදී විදේශ රටවල සේවයෙහි නිරතවන ශ්‍රී ලාංකිකයින්හට ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා වාර්තා කිරීම සම්බන්ධයෙන් විශේෂ කාරක සභාවක් පත්කිරීම පිළිබඳ යෝජනාව
(2016.01.29 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ (යෝජනා අංක පී. 152/ '15) විෂය අංක 2 යටතේ දැක්වේ)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 

2016 අප්‍රේල් මස 07 වන බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 (i) ආනයන සහ අපනයන (පාලන) පනත ය‍ටතේ විධිවිධාන දෙකක්
(2016-03-23 දින පාර්ලිමේන්තුවේ අංක 60 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 10 සහ 11 හි දැක්වේ)

(ii) ක්‍රීඩා පනත යටතේ තහනම් උත්තේජක භාවිතයට එරෙහි ප්‍රඥප්තිය යටතේ එන විධිවිධාන
(2016-03-23 දින පාර්ලිමේන්තුවේ අංක 60 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 08 යටතේ දැක්වේ.)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විපක්ෂය)
 

2016 අප්‍රේල් මස 08 වන සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වේ

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි