ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පෙබරවාරි මස පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු

දිනය : 2016-02-01

2016 ජනවාරි මස 28 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 පෙබරවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳ සාකච්ඡා කර, පහත සඳහන් පරිදි එකඟ වන ලදී :-

2016 පෙබරවාරි මස 09 වනදා, අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 පළාත් පාලන මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවන වර කියවීම
(මෙම පනත් කෙටුම්පත 2016.01.28 දිනැති අංක 46 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 5 ලෙස සඳහන් වේ)

ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවන වර කියවීම
(මෙම පනත් කෙටුම්පත 2016. 01. 26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2016 පෙබරවාරි මස 10 වනදා, බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 01.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව
ප.ව. 01.30 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග
(2015 දෙසැම්බර් 22වනදින අංක 1946/31 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද මෙම නියෝග 2016.01.26 වනදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2016.01.29 වනදින නිකුත් කෙරෙන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තක අංක 02 හි පල කෙරෙනු ඇත)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශවය)
 

2016 පෙබරවාරි මස 11 වනදා, බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30. පඩිපාලක සභා ආඥාපනත යටතේ නියෝග
(මෙම නියෝගය 2016.01.28 වනදින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍ර අංක 46 හි විෂය අංක 1 වශයෙන් දක්වනු ලැබේ)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2016 පෙබරවාරි මස 12 වනදා, සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 06.30 පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනා
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශවය)

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි