ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අප්‍රේල් මස පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු

දිනය : 2015-03-26

2015 මාර්තු 24 සහ අප්‍රේල් 6 යන දිනවලදී රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2015 අප්‍රේල් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2015 අප්‍රේල් මස 07 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනාව
(ස්ථාවර නියෝග අංක 23 යටතේ යෝජනාවක් සමඟ මෙම විෂය 2015.04.07 දින අංක 446 දරන න්‍යාය පත්‍රයේ ඇතුළත් කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2015 අප්‍රේල් මස 08 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග
(2015.03.24 දින අංක 445 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 6 සහ 2015.03.20 දිනැති අංක. 13(10) දරන පරිපූරකයේ පළ කරන ලද යෝජනාව බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ප්‍ර.ජා.ස.)
 

2015 අප්‍රේල් මස 09 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 07.30 දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(මෙම පනත් කෙටුම්පත 2015.03.24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)
 

2015 අප්‍රේල් මස 10 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 06.30 දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම ඉදිරියට කරගෙන යෑමට

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි