ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මාර්තු මස පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු

දිනය : 2015-02-20

2015 පෙබරවාරි මස 19 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2015 මාර්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2015 මාර්තු මස 03 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 සේවක අර්ථසාධක අරමුදල පනත යටතේ නියෝග
(2015.02.19 දින අංක 435 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 12 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2015 මාර්තු මස 04 වැනි බදාදා

‍ පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 06.30 ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (හදිසි පනත් කෙටුම්පත)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2015 මාර්තු මස 05 වැනි බ්‍රහස්පතින්දා

පාර්ලිමේන්තු රැස්වීම නැත (පෝය දිනය)
 

2015 මාර්තු මස 06 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 06.30 පසුගිය රජය විසින් ආරම්භ කරන ලද සංවර්ධන කටයුතු නැවැත්වීම පිළිබඳව ගරු විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා විසින් 2015.02.18 දින ස්ථාවර නියෝග 23(2) යටතේ මතු කරන ලද ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍යතුමා විසින් 2015.02.19 දින කරන ලද නිවේදනය පිළිබඳ කල් තැබීමේ විවාදය.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි