ප්‍රතිඵල

ප්‍රතිඵල

- 2020 අගෝස්තු මස 10 වැනි සඳුදා

 

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ වැඩිම ආසන ගණන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබා ගන්නා ලදී. පාර්ලිමේන්තු ආසන හිමිකර ගත් අනෙකුත් පක්ෂ වනුයේ සමගි ජන බලවේගය, ඉලංකෙයි තමිල් අරසු කච්චි, ජාතික ජන බලවේගය, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස්, තමිළ් මක්කල් විඩුදලෛප් පුළිකල්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කල් තේසිය කූට්ටනි, අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂයයි. පහත දැක්වෙනුයේ එක් එක් පක්ෂයට ආසන වෙන් වී ඇති ආකාරය දැක්වෙන වගුවකි.

 

දේශපාලන පක්ෂයේ නම දිස්ත්‍රික් පදනමින් ලබාගත් ආසන ජාතික පදනමින් ලබාගත් ආසන එකතුව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 128 17 145
සමගි ජන බලවේගය 47 7 54
ඉලංකෙයි තමිල් අරසු කච්චි 9 1 10
ජාතික ජන බලවේගය 2 1 3
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 2 0 2
අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් 1 1 2
තමිළ් මක්කල් විඩුදලෛප් පුළිකල් 1 0 1
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1 0 1
මුස්ලිම් ජාතික සන්ධානය 1 0 1
තමිල් මක්කල් තේසිය කූට්ටනි 1 0 1
අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය 1 0 1
ජාතික කොංග්‍රසය 1 0 1
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1 0 1
එක්සත් ජාතික පක්ෂය 0 1 1
අපේ ජන බල පක්ෂය 0 1 1

 

 

ආශ්‍රිත ගැසට් නිවේදන:-
2020 අගෝස්තු මස 08 වැනි දින අංක 2187/26 දරන අති විශේෂ ගැසට් පත්‍රය
2020 අගෝස්තු මස 10 වැනි දින අංක 2188/2 දරන අති විශේෂ ගැසට් පත්‍රය
2020 අගෝස්තු මස 14 වැනි දින අංක 2188/46 දරන අති විශේෂ ගැසට් පත්‍රය
2020 දෙසැම්බර් මස 18 වැනි දින අංක 2206/22 දරන අති විශේෂ ගැසට් පත්‍රය
2021 ජුනි මස 18 වැනි දින අංක 2232/34 දරන අති විශේෂ ගැසට් පත්‍රය

 

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2021-06-29