ප්‍රතිඵල

ප්‍රතිඵල

- 2015 අගෝස්තු මස 21 වැනි සිකුරාදා

 

2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ වැඩිම ආසන ගණන එක්සත් ජාතික පක්ෂය විසින් ලබා ගන්නා ලදී. පාර්ලිමේන්තු ආසන හිමිකර ගත් අනෙකුත් පක්ෂ වනුයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය, ඉලංකෙයි තමිල් අරසු කච්චි, ජනතා විමුක්ති පෙරමුණ, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයි. පහත දැක්වෙනුයේ එක් එක් පක්ෂයට ආසන වෙන් වී ඇති ආකාරය දැක්වෙන වගුවකි.

 

දේශපාලන පක්ෂයේ නම දිස්ත්‍රික් පදනමින් ලබාගත් ආසන ජාතික පදනමින් ලබාගත් ආසන එකතුව
එක්සත් ජාතික පක්ෂය 93 13 106
එක්සත් ජනතා නිදහස් සන්ධානය 83 12  95
ඉලංකෙයි තමිල් අරසු කච්චි 14 2 16
ජනතා විමුක්ති පෙරමුණ 4 2 6
ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 1 0 1
ශ්‍රී ලංකා  මුස්ලිම් කොංග්‍රසය 1 0 1

 

 

ආශ්‍රිත ගැසට් නිවේදන:-
2015 අගෝස්තු මස 19 වැනි දින අංක 1928/2 දරන අති විශේෂ ගැසට් පත්‍රය
2015 අගෝස්තු මස 19 වැනි දින අංක 1928/3 දරන අති විශේෂ ගැසට් පත්‍රය
2015 අගෝස්තු මස 21 වැනි දින අංක 1928/25 දරන අති විශේෂ ගැසට් පත්‍රය
2015 අගෝස්තු මස 24 වැනි දින අංක 1929/4 දරන අති විශේෂ ගැසට් පත්‍රය

 

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2015-08-27