1253/2025
ගරු මංජුල සුරවීර ආරච්චි මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇති, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;
(ii) එම ඉඩම් අතරින් මේ වනවිට බෙදාදී ඇති විකල්ප ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;
(iii) එම විකල්ප ඉඩම් ලබාදී ඇති එක් එක් පුද්ගලයාගේ නම, ලබා දුන් ඉඩම් ප්‍රමාණය, ඉඩම් ලබා දීමේ පදනම සහ ඉඩම් ලබා දුන් කාල වකවානු වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එම විකල්ප ඉඩම් ලබා දුන් පුද්ගලයන්ගේ නාම ලේඛනයේ දේශපාලඥයන්ගේ නම් සඳහන්වී තිබේද;
(v) එසේ නම්, එම දේශපාලඥයන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග | |
| : මංජුල සුරවීර ආරච්චි | |
| : ජාතික ජන බලවේගය |