995/2025
ගරු රුවන්තිලක ජයකොඩි මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ආහාර බෝග නිෂ්පාදනයේ යෙදී සිටින ගොවියාගේ ජීවන තත්ත්වය උසස් කළ යුතු බවත්;
(ii) ඒ සඳහා, ගොවීන් විසින් විශාල ශ්‍රමයක් සහ මුදලක් යෙදවිය යුතු බවත්;
(iii) එසේ වුවද, කෘෂි නිෂ්පාදන සඳහා ශ්‍රමයට සහ වියදමට සරිලන සාධාරණ මිලක් නොලැබීමෙන් ගොවීන් පීඩාවට පත් වී සිටින බවත්;
(iv) කෘෂි නිෂ්පාදන මිලදී ගැනීමේදී, පාරිභෝගිකයාටද ඉහළ මිලක් ගෙවීමට සිදුවී ඇති බවත්;
(v) ගොවියා සහ පාරිභෝගිකයා අතරමැද සිටින තොග වෙළෙන්දා සහ සිල්ලර වෙළෙන්දා විසින් අධික ලාභ ලබන බවත්;
(vi) ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම පීඩාවට පත් කරන ඉහත ක්‍රමය වෙනස් කළ යුතු බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) එසේ නම්, ගොවියා, වෙළෙන්දා සහ පාරිභෝගිකයා යන තිදෙනාම ආරක්ෂා වන ආකාරයේ වැඩපිළිවෙළක් මේ සඳහා සකස් කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
| : කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග | |
| : රුවන්තිලක ජයකොඩි | |
| : ජාතික ජන බලවේගය |