එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් විසින් අසන ලද ප්‍රශ්නය

Print

879/2025

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ඉඩම් නොමැති පුද්ගලයන් විසින් ඉඩම් ලබා ගැනීම සඳහා 2017.01.01 සිට 2025.03.31 දින දක්වාවූ කාලසීමාවේදී මන්මුනෛපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව දන්නේද;

(ii) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද;

(iii) එම පුද්ගලයන්ට දීමනා ඔප්පු (Deed of Grant) හෝ ඉඩම් බලපත්‍ර (Land   permit) ලබාදී තිබේද;

(iv) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 

(ආ) (i) මන්මුනෛපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති රජයේ ඉඩම්වල පදිංචිවී ඇති පුද්ගලයන්ගෙන් බහුතරයකට මේ දක්වා දීමනා ඔප්පු හෝ ඉඩම් බලපත්‍ර ලබාදී නොමැති බව දන්නේද;

(ii) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද;

(iii) එම පුද්ගලයන්ට මේ දක්වා ඉඩම් ඔප්පු හෝ ඉඩම් බලපත්‍ර ලබා නොදීමට හේතු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
: එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්
: ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය
2025-09-12 වැනි දින සති 2 කල් ඉල්ලන ලදී