රවීන්ද්‍ර බණ්ඩාර විසින් අසන ලද ප්‍රශ්නය

Print

873/2025

ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       වර්ෂ 2015 සිට 2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවති දින දක්වා මුද්‍රණය කරන ලද මුදල්වල වටිනාකම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් රුපියල්වලින් කොපමණද;

(ii) ඉහත කාල සීමාව තුළ එක් එක් මුදල් අමාත්‍යවරයා යටතේ මුද්‍රණය කරන ලද මුදල්වල වටිනාකම වෙන් වෙන් වශයෙන් රුපියල්වලින් කොපමණද;

(iii) ඉහත කාල සීමාව තුළ එක් එක් ජනාධිපතිවරයා යටතේ මුද්‍රණය කරන ලද මුදල්වල වටිනාකම වෙන් වෙන් වශයෙන් රුපියල්වලින් කොපමණද;

(iv) ඉහත කාල සීමාව තුළට අයත් වන යම් කාල වකවානුවක පාලනයකින් තොරව මුදල් මුද්‍රණය කර තිබේද;

(v) පාලනයකින් තොරව මුදල් මුද්‍රණය කිරීමේ අහිතකර බලපෑම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
: රවීන්ද්‍ර බණ්ඩාර
: ජාතික ජන බලවේගය