ලාල් ප්‍රේමනාත් විසින් අසන ලද ප්‍රශ්නය

Print

870/2025

ගරු ලාල් ප්‍රේමනාත් මහතා,— තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ජාතික තරුණ සේවා සභාව ආරම්භ කරන ලද දිනය කවරේද;

             (ii)       එය ආරම්භ කිරීමේ අරමුණ කවරේද;

            (iii)       එම සභාව යටතේ ඇති ආයතන සංඛ්‍යාව කොපමණද;

            (iv)       එම ආයතන කවරේද;

(v) ජාතික තරුණ සේවා සභාව යටතේ ඇති පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

(vi) එම පුහුණු මධ්‍යස්ථාන මේ වනවිට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වර්ෂ 2020 සිට 2024 දක්වා ජාතික තරුණ සේවා සභාවට අයත් ආයතනවල අලුතින් ඉදිකිරීම් ආරම්භ කරන ලද ගොඩනැගිලි සංඛ්‍යාව කොපමණද;

(ii) එම ගොඩනැගිලි අතරින් සමහර ගොඩනැගිලිවල මේ වනතෙක් වැඩ අවසන් කර නොමැති බව දන්නේද;

(iii) එසේ නම්, එම ගොඩනැගිලි සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: තරුණ කටයුතු සහ ක්‍රීඩා
: ලාල් ප්‍රේමනාත්
: ජාතික ජන බලවේගය