ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සුසන්ත කුමාර නවරත්න විසින් අසන ලද ප්‍රශ්නය

860/2025

ගරු සුසන්ත කුමාර නවරත්න මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති ආර්ථික මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

            (ii)       ඒවා අතරින් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින සහ අක්‍රිය තත්ත්වයේ පවතින ආර්ථික මධ්‍යස්ථාන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

‍(iii) මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානයක් තිබෙන බව දන්නේද;

(iv) එම ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරන ලද දිනය කවරේද;

(v) එය ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල කොපමණද;

(vi) එහි ඇති වෙළඳ කුටි සංඛ්‍යාව කොපමණද;

(vii) ඒ අතරින් මේ වනවිට ව්‍යාපාර කටයුතු සඳහා විවෘතව පවතින වෙළඳ කුටි සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
: සුසන්ත කුමාර නවරත්න
: ජාතික ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි