නිශාන්ත පෙරේරා විසින් අසන ලද ප්‍රශ්නය

Print

847/2025

ගරු නිශාන්ත පෙරේරා මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් එම කොමිෂන් සභාවේ සේවකයන් වෙත විශේෂ වරප්‍රසාද යටතේ ඉඩම් බැහැර කර ඇති බව දන්නේද;

             (ii)       එසේ නම්, එලෙස ඉඩම් ලබාදී ඇති සේවකයන් සංඛ්‍යාව කොපමණද;

(iii) ඊට අදාළ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

 (iv) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සේවකයන් වෙත විශේෂ වරප්‍රසාද යටතේ ඉඩම් බැහැර කිරීමේ නෛතික පදනම කවරේද;

(v) එලෙස බැහැර කරන ලද ඉඩම්, වෙනත් පාර්ශ්ව වෙත විකිණීමට හෝ පැවරීමට හැකියාවක් තිබේද;

(vi) විශේෂ වරප්‍රසාද යටතේ ලැබුණු ඉඩම් අතරින් වෙනත් පාර්ශ්ව වෙත විකුණා හෝ පවරා ඇති ඉඩම් සංඛ්‍යාව කොපමණද;

(vii) එම ඉඩම්, වෙනත් පාර්ශ්ව වෙත විකිණීම හෝ පැවරීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
: නිශාන්ත පෙරේරා
: ජාතික ජන බලවේගය
2025-05-09 වැනි දින සති 2 කල් ඉල්ලන ලදී