ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල විසින් අසන ලද ප්‍රශ්නය

833/2025

ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       සමූපකාර ග්‍රාමීය බැංකු සම්බන්ධයෙන් මධ්‍යම රජයේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවට සහ පළාත් සභා සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවලට පැවරී ඇති කාර්යභාරය වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) සමූපකාර ග්‍රාමීය බැංකු විගණනය කිරීම, එම දෙපාර්තමේන්තුවලට පැවරී ඇති බව දන්නේද;

(iii) එසේ නම්, 2015 වර්ෂයේ සිට මේ දක්වා මධ්‍යම රජයේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පළාත් සභා සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තු විසින් විගණනය කරන ලද  සමූපකාර ග්‍රාමීය බැංකු සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) සමූපකාර ග්‍රාමීය බැංකු නිසි පරිදි විගණනය‍ නොකිරීම හේතුවෙන් එම බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල විසින් මහා පරිමාණ මූල්‍ය වංචා සිදු කර තිබෙන බව දන්නේද;

(v) එසේ නම්, එම තත්ත්වය වැළැක්වීම සඳහා සමූපකාර ග්‍රාමීය බැංකු නිසි පරිදි වාර්ෂිකව විගණනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

: වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
: නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල
: සමගි ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි