781/2025
ගරු දිනිඳු සමන් හෙන්නායක මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය විසින් මහියංගනය නගරයේ සංචාරක සුව පහසු මධ්‍යස්ථානයක් ඉදිකර ඇති බව දන්නේද;
(ii) එම පරිශ්‍රයේ විශාලත්වය වර්ග අඩි කොපමණද;
(iii) එය ඉදිකිරීම සඳහා වියදම් කරන ලද මුළු මුදල කොපමණද;
(iv) එම මධ්‍යස්ථානය ඉදිකිරීමේ අරමුණ කවරේද;
(v) එම අරමුණ ඉටු වී තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත මධ්‍යස්ථාන ගොඩනැගිල්ල බදුදී තිබේද;
(ii) එසේ නම්, බදු ගැනුම්කරුගේ නම කවරේද;
(iii) මාසික බදු කුලිය කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
| : විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක | |
| : දිනිඳු සමන් හෙන්නායක | |
| : ජාතික ජන බලවේගය |