ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ධනුෂ්ක රංගනාත් විසින් අසන ලද ප්‍රශ්නය

717/2025

ගරු ධනුෂ්ක රංගනාත් මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ස්වාභාවික දොළ මාර්ග ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

             (ii)       ස්වාභාවික දොළ මාර්ග ආශ්‍රිතව පැවතිය යුතු දොළ රක්ෂිතයට අදාළ භූමි ප්‍රමාණය කොපමණද;

           (iii)       දොළ රක්ෂිත බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇති පුද්ගලයන් සඳහා නීතිය ක්‍රියාත්මක කරන්නේද;

(iv) එසේ නම්, ඒ වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) දොළ රක්ෂිත සින්නක්කර ඉඩම් ලෙස ලබාදී ඇති බව දන්නේද;

(ii) එලෙස ලබාදී ඇති කළුතර දිස්ත්‍රික්කයේ දොළ රක්ෂිත භූමි ප්‍රමාණය කොපමණද;

(iii) එම දොළ රක්ෂිත භූමි නැවත පවරා ගැනීමට කටයුතු කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: පරිසර
: ධනුෂ්ක රංගනාත්
: ජාතික ජන බලවේගය
2025-07-24 වැනි දින සති 2 කල් ඉල්ලන ලදී

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි