ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කිංස් නෙල්සන් විසින් අසන ලද ප්‍රශ්නය

617/2025

ගරු කිංස් නෙල්සන් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ලබා ගත් රෝගීන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       එම කාල සීමාව තුළ රජයේ රෝහල්වල බාහිර රෝගී ප්‍රතිකාර අංශ සංවර්ධනය කිරීම සඳහා වැය කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දර්ශක ඉහළ අගයක් ගැනීමට බාහිර රෝගී ප්‍රතිකාර අංශ විශාල දායකත්වයක් ලබා දෙන බව පිළිගන්නේද;

 

 

(iv) එම අංශය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
: කිංස් නෙල්සන්
: සමගි ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි