ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රුවන්තිලක ජයකොඩි විසින් අසන ලද ප්‍රශ්නය

603/2025

ගරු රුවන්තිලක ජයකොඩි මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)      මිනුවන්ගොඩ, ජනාධිපති විද්‍යාලයේ පිහිනුම් තටාකයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද දිනය කවරේද;

             (ii)      එම පිහිනුම් තටාකය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල සහ මේ වනවිට වියදම් කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

‍(iii) වියදම් කර නොමැති ඉතිරි මුදල, එම ව්‍යාපෘතියට අදාළ ගිණුමක තැන්පත් කර තිබේද;

(iv) එසේ නම්,  එම ගිණුමේ නම සහ ගිණුම් අංකය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත පිහිනුම් තටාකය ඉදිකරනු ලබන කොන්ත්‍රාත්කරු/කොන්ත්‍රාත් සමාගමේ නම කවරේද;

(ii) එම කොන්ත්‍රාත්කරු/කොන්ත්‍රාත් සමාගම තෝරා ගන්නා ලද පදනම කවරේද;

(iii) මේ වනවිට ඉදිකිරීම්වලින් අවසන් කර ඇති ප්‍රමාණය කොපමණද;

(iv) ඉදිකිරීම් සම්පූර්ණයෙන් අවසන් කිරීම සඳහා ගත වන කාලය කොපමණද;

(v) එම ඉදිකිරීම් ප්‍රමාද වීමට හේතුව කවරේද;

යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
: රුවන්තිලක ජයකොඩි
: ජාතික ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි