576/2025
ගරු ධර්මප්‍රිය දිසානායක මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) අ.පො.ස (සා. පෙළ) හා අ.පො.ස (උ. පෙළ) විභාග ඉලක්ක කර ගනිමින් පවත්වනු ලබන පෞද්ගලික උපකාරක පන්ති සම්බන්ධයෙන් නියාමනයක් තිබේද;
(ii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
(iii) ඉහත සඳහන් පෞද්ගලික උපකාරක පන්ති පවත්වනු ලබන ගුරුවරුන් හා ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් දැනුම්වත්වී තිබේද;
(iv) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
(v) මේ වනවිට පාසල් දිනවල පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා අ.පො.ස (සා. පෙළ) හා අ.පො.ස (උ. පෙළ) විභාග ඉලක්ක කර ගනිමින් පෞද්ගලික උපකාරක පන්ති පවත්වනු ලබන බව දන්නේද;
(vi) එම පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් නිසි පියවර ගන්නේද;
(vii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
(viii) ඉහත (v)හි සඳහන් පරිදි පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම හේතුවෙන් රජයේ පාසල්වලට සිදුවී ඇති අහිතකර බලපෑම සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන | |
| : ධර්මප්‍රිය දිසානායක | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






