ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

චානක මාදුගොඩ විසින් අසන ලද ප්‍රශ්නය

574/2025

ගරු චානක මාදුගොඩ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      පසුගිය ආණ්ඩුව මඟින් ක්‍රියාත්මක කරන ලද රජයේ ඉඩම් ඔප්පු හිමිකරුවන් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නේද;

(ii) එම වැඩසටහන යටතේ මේ වනවිට ලබා දී ඇති සින්නක්‌කර ඔප්පු සංඛ්‍යාව කොපමණද;

(iii) එම වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබා ගැනීම සඳහා රජයේ ඉඩම් ඔප්පු හිමිකරුවන් සිය ඔප්පු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාරදී ඇති බව දන්නේද;

(iv) ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාරදී ඇති ඔප්පු නැවත ලබාදීමට කටයුතු කරනු ලබන ආකාරය කෙසේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
: චානක මාදුගොඩ
: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි