572/2025
ගරු අතුල වෙළඳගොඩ මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හම්බන්තොට, තිස්සමහාරාමය, ලුණුගම්වෙහෙර, සූරියවැව සහ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මායිම්ව පවතින අලි කළමනාකරණ රක්ෂිත භූමිය තුළ අනවසර ඉදිකිරීම් හා වගාවන් ඇති බවත්;
(ii) එය වනඅලින්ගේ ජීවන පැවැත්මට විශාල බාධාවක් බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) එම අනවසර ඉදිකිරීම් හා වගාවන් කවරේද;
(ii) ඉහත සඳහන් අනවසර ඉදිකිරීම් හා වගාවන් සම්බන්ධයෙන් ගනු ලබන කෙටි කාලීන හා දිගු කාලීන පියවර වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඉහත සඳහන් අලි කළමනාකරණ රක්ෂිත භූමියෙන් පිටත ඇති ජනාවාස හා වගාබිම්වලට වනඅලි කඩාවැදීම හේතුවෙන් සිදු වන ජීවිත හා වගා හානි උච්චස්ථානයට පැමිණ ඇති බව දන්නේද;
(iv) එසේ නම්, ඒ හේතුවෙන් මේ දක්වා මියගිය පුද්ගලයන් සංඛ්‍යාව සහ වනඅලින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
| : පරිසර | |
| : අතුල වෙළඳගොඩ | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






