ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

වරුණ ලියනගේ විසින් අසන ලද ප්‍රශ්නය

570/2025

ගරු වරුණ ලියනගේ මහතා,— ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      1995 වර්ෂයේදී ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය, 2013 වර්ෂයේදී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව බවට පත් කරන ලද බවත් මේ වනවිට, එහි සේවකයන් 25,000ක් පමණ සේවය කරන බවත්;‍

(ii) එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබන සේවකයන්ට විශ්‍රාම වැටුප් ගෙවීම පසුගිය වසරක පමණ කාලයක සිට නවතා ඇති අතර ඒ හේතුවෙන් ඔවුන් සහ යැපෙන්නන් දැඩි දුෂ්කරතාවයකට පත්වී ඇති බවත්;

(iii) වර්තමාන ආණ්ඩුවේ මැතිවරණ ප්‍රකාශයේද, එම ගැටලුව කඩිනමින් විසඳන බවට සහතිකවී ඇති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) තාවකාලික පියවරක් ලෙස විශ්‍රාම පාරිතෝෂික මුදල රඳවා ගෙන හෝ ඉහත සඳහන් සේවකයන්ට විශ්‍රාම වැටුප් ලබා නොදීමට හේතු කවරේද;

(ii) මේ සඳහා ස්ථිර විසඳුමක් ලබා දීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම්
: වරුණ ලියනගේ
: සමගි ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි